බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් කන්සර්වටිව් පක්ෂ නායකත්ව තරඟයෙන් ඉවත් වීමත් සමග රිෂි සුනාක් මීළග කන්සර්වටිව් පක්ෂ නායකයා ලෙස පත්වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
රිෂි සුනාක් හට ප්‍රසිද්ධියේ ටෝරි මන්ත්‍රීවරු 155 දෙනෙක් සහයෝගය පළ කර ඇති අතර ඔහුත් සමග තරඟ වැදීමට බලාපොරොත්තු වන පෙනී මෝර්ඩන්ට් හට ටෝරි මන්ත්‍රීවරු 25 දෙනෙක් සහයෝගය පළ කර තිබේ.
කන්සර්වටිව් පක්ෂ නායකත්වය සඳහා ඡන්දයක් පැවැත්වීමට නම් හෙට (25) එරට වේලාවෙන් පස්වරු 2.00 ට පෙර ටෝරි මන්ත්‍රීවරු 100 දෙනෙකුගේ සහාය තමන්ට තිබෙන බව පෙනී මෝර්ඩන්ට් පෙන්විය යුතු බව කන්සර්වටිව් පක්ෂය ප්‍රකාශ කර ඇතැයි එම වාර්තා සඳහන් කළේය.
එසේ 100 දෙනෙකුගේ සහාය තමන්ට තිබෙන බව පෙන්වීමට පෙනී මෝර්ඩන්ට් අපොහොසත් වුවහොත් හෙට (25) දින නව අග්‍රාමාත්‍යවරයා ලෙස රිෂි සුනාක් නම් කරනු ඇතැයි එම වාර්තා වැඩිදුරටත් සදහන් කළේය.
බොරිස් ජොන්සන් තමන්ට ටෝරි මන්ත්‍රීවරු 102 ක සහාය තිබෙන බව පැවසුවත් මන්ත්‍රීවරු 54 ඔහුට ප්‍රසිද්ධියේ සහාය දැක්වූ අතර එම මන්ත්‍රීවරු සහාය දක්වන්නේ රිෂි සුනාක් හටද එසේත් නැතිනම් පෙනී මෝර්ඩන්ට් හටද යන්න තවමත් පවසා නැත.