යාල ජාතික වනෝද්‍යානයේදී වනසතුන්ට හිංසාවන පරිදි කටයුතු කළ පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීමට වනජීවි දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ඩිෆෙන්ඩර් සහ කැබ්රථවලින් යාල වනෝද්‍යානයට ඇතුළුවූ පිරිසක් සතුන්ට හිංසාවන අයුරින් රේස් පදිමින් රිසිසේ හැසිරෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවති.
යාල වනෝද්‍යානයේදී වනසතුන්ට හිරිහැරවන පරිදි මේ අකාරයෙන් වාහනවලින් ගොස් හැසිරුණු පුද්ගලයින් සම්බන්ධව වහාම නීතිමය පියවර ගන්නා ලෙස කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවි අධ්යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී ඇත.
ඒ අනුව එසේ කටයුතු කළ පුද්ගලයින් පිළිබඳ සියලු තොරතුරු, සියලු සාක්ෂි වනජීවි දෙපාර්තමේන්තුව සතුව පවතින බවත් එම පුද්ගලයින් සියලුදෙනාට එරෙහිව නඩු පැවරීමට තීරණය කළ බව වනජීවි අධ්යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කර තිබේ.