ඇෆ්ගනිස්ථාන සහ ශ්‍රී ලංකා එක්දින තරඟාවලියක් මහනුවරදී

එක්දින ක්‍රිකට් තරගාවලියකට සහභාගිවීම සදහා ඇෆ්ගනිස්ථාන ජාතික ක්‍රිකට් කණ්ඩායම ලබන නොවැම්බර් මස 25 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ශ්‍රි ලංකා ක්‍රිකට් නිවේදනය කලේය

ඇෆ්ගනිස්ථාන සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින තරග තුනක් පැවැත්වීමට නියමිත බවත් එම තරග තුනම මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදි පැවැත්වෙනු ඇති බවත් එම නිවේදනයේ සදහන්ය.

ඒ අනුව පළමු එක්දින තරගය නොවැම්බර්  මස 25, දෙවන එක්දින තරගය නොවැම්බර් මස 27 සහ තෙවන එක්දින තරගය නොවැම්බර් මස 30 වැනිදා පැවැත්වීමට නියමිත බව එහි සදහන්ය.

Werzuo Digital

Leave a Reply