The Booker සම්මානය දිනු ගාල්ලේ උපන් ශෙහාන් කරුණාතිලක

2022 සඳහා වන බුකර් සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලාංකික ලේඛක ශෙහාන් කරුණාතිලක මහතා සමත්ව තිබේ

1975 වර්ෂයේ ගාල්ලේදී උපත ලැබු ශෙහාන් කරුණාතිලක මහතා නවසීලන්තයේදී අධ්‍යාපනය ලබා පසුව නෙදර්ලන්තයේ හා සිංගප්පුරුවේ දිවිගෙවා ඇති අතර වර්තමානයේ එංගලන්තයේ රැකියාවක නිරතවෙමින් එහි පදිංචිව සිටී.

සාහිත්‍ය වෙනුවෙන් පිරිනැමෙන ඉහළම ජාත්‍යන්තර සම්මානය ලෙස සැලකෙන බුකර් සම්මානයට පාත්‍ර වූයේ ශෙහාන් කරුණාතිලකගේ දෙවැනි නව කතාව වන ‘සෙවන් මූන්ස් ඔෆ් මලී අල්මේදා’ (Seven moons of Mali Almeida) ය.

2011 වසරේ සිය පළමු නවකතාව වන චයිනමන් (Chainaman – The Legend of Pradeep Mathew) හරහා ශෙහාන් කරුණාතිලක සාහිත්‍ය ක්ෂේත්‍රයට පිවිසියේ විචාරක පැසැසුමට ලක් වෙමිනි.

චයිනමන් (Chainaman – The Legend of Pradeep Mathew) ) කෘතිය, ක්‍රිකට් ක්‍රීඩාව විෂය කරගනිමින් ලියවුණු ඔහුගේ දෙවැනි හොඳ ම නවකතාව ලෙස පිළිගැනෙයි.

වෘත්තීය ලේඛකයකු වන ශෙහාන් කරුණාතිලක මහතා ගාල්ලේ උපත ලැබුවෙකි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද 2022 බුකර් සම්මානයෙන් පිදුම් ලැබු ශෙහාන් කරුණාතිලක මහතාට සිය සුබ පැතුම් එක්කර තිබේ.

Werzuo Digital

Leave a Reply