අනුරාධපුර – පාදෙණිය ප්රධාන මාර්ගයේ දළදාගම මංසන්ධිය ආසන්නයේදී මෝටර් රථයක් ගසක ගැටී සිදුවූ මාරක රිය අනතුරකින් කුඩා දරුවෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව පොලිසිය පවසයි.
අනුරාධපුර දෙස සිට පාදෙණිය දෙසට ගමන් කළ මෝටර් රථය මාර්ගය අසල ගසක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.
අනතුරෙන් පසු මෝටර් රථය තුල සිරවි සිටි තුවාල ලබා සිටි පිරිස ප්රදේශවාසීන් විසින් දැඩි පරිශ්රමයක් දරා පිටතට ගෙන කුඩා දරුවා සහ අනෙක් දෙදෙනා වාරියපොල ප්රාදේශීය රෝහලට ඇතුලත් කර තිබේ. ඒ වන විටත් ඔවුන් මියගොස් තිබෙන බව වාර්තාවේ.
බරපතළ තුවාල ලද තවත් දෙදෙනෙකු වැඩිදුර ප්රතිකාර සදහා කුරුණෑගල මහ රෝහල වෙත මාරුකර යවා ඇති බවද පොලිසිය පවසයි.
අනතුර සම්බන්ධයෙන් නාගොල්ලාගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.