ගෙවල් බිඳ දේපල සොරාගත් සැකකරුවෙකු අත් අඩංගුවට


රත්ගම, බුස්ස සහ නිට්ටඹුව යන ප්‍රදේශවල ගෙවල් බිඳ දේපල සොරකම් කරන ලද සැකකරුවෙක් සොරකම් කරන ලද භාණ්ඩවලින් කොටසක්ද සමග අත් අඩංගුවට ගත් බව ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශණ අංශය පවසයි.

මෙසේ අත් අංගුවට ගෙන ඇත්තේ බූස්ස පදිංචි 21 හැවිරිදි සැකකරුවෙකි.

ඔහු රත්ගම සහ බූස්ස ප්‍රදේශවල නිවාස කිහිපයක් බිඳ පාපැදියක්, රන් භාන්ඩ, ජංගම දුරකතන, ගෑස් සිලින්ඩර ආදිය සොරකම්කර පොලිසියෙන් බේරිම සඳහා නිට්ටඹුවේ ඥාති නිවසකට ගොස් ඇත.

එම නිවසේ සිටියදි යාබද නිවසේ සිටින සිය පුංචි අම්මාගේ නිවසද බිඳ රුපියල් දහතුන් ලක්ෂයක් පමණ වටිනා කැමරාවක්,රන් ආභරණ සහ මුදල්ද සොරකම් කර පලාගොස් සිටියදි සිටියදී සෙරකම් කරන ලද භාණ්ඩවලින් කොටසක්ද සමග අත් අංගුවට ගෙන ඇත. පරික්ෂණවලදි අනාවරණයවි ඇත්තේ සැකකරු අධික ලෙස මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහිවි ඇති අයෙකු බවය.

සැකකරු ඊයේ (16) ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබින.

Werzuo Digital

Leave a Reply