ගාල්ල මකුළුව දුම්රිය ගේට්ටුව අසල දුම්රිය මාර්ගයේදී දී ඊයේ (16) සවස කොළඹ සිට මාතර බලා ධාවනය වු රුහුණු කුමාරි සිඝ්රගාමී දුම්රියේ ගැටී තුවාල ලැබු කාන්තාවක් කරාපිටිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු ඊයේ රාත්රියේ මියගොස් ඇති බව වරාය පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ මාපලගම පදිංචි 28 හැවිරිදි කාන්තාවකි.
මෙම කාන්තාව මකුළුව ප්රදේශයේ සිය සහෝදරියකගේ නිවසට පැමිණි අවස්ථාවේදී දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී ගාල්ල සිට මාතර බලා ගමන් කල දුම්රියට මෙලෙස ගැටී ඇති බව අනාවරණය වි ඇති බවත් පසුව තුවාල ලැබු කාන්තාව වහාම කරාපිටිය රෝහලට ඇතුළත් කල බවද පොලිසිය පවසයි.
මෘතදේහය කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙන අතර මරණ පරික්ෂණයෙන් පසු සිරුර ඥාතීන්ට බාර දිමට නියමිතව තිබේ