කුවේට් හි පැවැත්වෙන ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේදී පිරිමි මීටර 400 ධාවන ඉසව්වෙන් ශ්‍රි ලංකාව පදක්කම් දෙකක් දිනාගැනීමට ඊයේ (14) සමත්ව තිබේ.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පිරිමි මීටර 400 ධාවන ඉසව්වේ අවසන් තරගයට එක් වු ප්‍රවීන් ජයතිලක සහ අවිශ්ක තේමින්ද විසින් මෙම පදක්කම් දෙක දිනාගැනීමට සමත්වූහ.
එහිදී ප්‍රවීන් ජයතිලක තත්පර 48.5 6ක දක්ෂතාවක් වාර්තා කරමින් එහි රිදී පදක්කම දිනාගැනීමට සමත් වු අතර තත්පර 48.7 0ක දක්ෂතාවක් වාර්තා කරමින් අවිශ්ක තේමින්ද ලෝකඩ පදක්කම දිනාගත්තේය
මෙම ඉසව්වේ පළමු ස්ථානය ඉරානයේ සෙයිඩ් මොහොමඩ් දිනාගත් අතර ඔහුගේ දක්ෂතාව තත්පර 48.37කි.
ආසියානු යොවුන් (අවුරුදු 18ට අඩු) මලල ක්‍රීඩා පිටියේ දක්ෂයන් කිරුළු පළඳින හතරවැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවය කුවේටයේ දී පෙරේදා (13) ආරම්භ වු අතර තරගාවලිය ආරම්භ කරමින් එදිනම පිරිමි මීටර් 400 ඉසව්ව නියෝජනය කරමින් අවිශ්ක තේමින්ද සහ ප්‍රවීන් ජයතිලක තරග බිමට පිවිසි අතර ඔවුන් දෙදෙනාම අවසන් වටයට සුදුසුකම් ලබමින් ඊයේ (14) මෙම පදක්කම් දිනාගැනීමට සමත් විය
රිදී පදක්කම දිනූ ප්‍රවීන් ජයතිලක කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුවෙක් වන අතර ලෝකඩ පදක්කම දිනූ අවිශ්ක තේමින්ද කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයේ ඉගෙනුම ලබයි.