ගිං ගඟ තවලමින් පීටාර ගලා පහත්බිම් හා මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

ඊයේ (14) රාත්‍රි සිට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ගිං ගඟ තවලම ප්‍රදේශයෙන් පිටාර ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. මේ හේතුවෙන් තවලම හා ඒ ආශ්‍රිත ප්‍රදේශවල පහත්බිම් සහ මාර්ග කිහිපයක් ජලයෙන් යටවි තිබේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද (15) පෙරවරුවේ නිකුත් කල නවතම වාර්තාවට අනුව අලුයම 5.00 පමණ වන විට ගිං ගඟේ ජල මට්ටම තවලම ප්‍රදේශයෙන් මීටර 5.17 ලෙස සටහන්ව තිබු අතර එය පෙරවරු 6.00 පමණ වන විට මීටර් 4.99 දක්වා අඩුව තිබ්න. එහි සුළු ගංවතුර මට්ටම ලෙස මීටර් 6.00 සදහන්ය

මේ වන විට තවලම – අකුරැස්ස මාර්ගය තවලම ස.තො.ස අසළින්, තවලම – උඩුගම මාර්ගයේ ගඟසිරිය අසලින්, නෙළුව – දෙල්ලව මාර්ගය බටුවංගල ප්‍රදේශයෙන් ද අඩි 2ක් පමණ ජලයෙන් යටවී ඇත. මේ හේතුවෙන් රථවාහන ධාවනයට සහ ගමනාගමන කටයුතුවලට බාධා එල්ලවි තිබේ.

මේ අතර පහත්බිම් රැසක් ද ජලයෙන් යටවි ඇති අතර ඉදිරි පැය කිහිපය තුල ගිං ගඟේ ජල මට්ටම බද්දේගම ප්‍රදේශයෙන් ඉහළ යා හැකි බව අපදා අංශ පැවසීය.

Werzuo Digital

One thought on “ගිං ගඟ තවලමින් පීටාර ගලා පහත්බිම් හා මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

Leave a Reply