ජිවන බර අඩු කරන ලෙස ඉල්ලා ගාල්ලේ උද්ඝෝෂණයක්

බදු බර, බඩු මිල පහත දමන ලෙස වත්මන් රජයට බලකරමින් ගාල්ල මහජන කවුන්සිලය මගින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (11) සවස ගාල්ල තනිපොල්ගහ හන්දිය ප්‍රදේශයේ දී පවත්වන ලදී.

මහජන අරගලය වෙනුවෙන් යලිත් පාරට පැමිණි බවත්, ජනතාවට ජිවත් විමට අමාරු තත්ත්වයක් ඇති බවත් උද්ඝෝෂණයට සහභාගි වෙමින් පූජ්‍ය අදුරත්විල චන්ද්‍රජෝති හිමියන් එහිදී මාධ්‍ය වෙත අදහස් පල කලේය.

මේ සඳහා 50 පමණ පිරිසක් සහභාගි සිටි අතර උද්ඝෝෂකයින් පන්දම් දල්වාගෙන විවිධ සටන් පාඪ කියමින් උද්ඝෝෂණයේ නිරත විය.

Werzuo Digital

Leave a Reply