ලංකා සභා විදුහලෙන් ළමා දිනයට අලුත් ආදර්ශයක්

බත්තරමුල්ල ලංකා සභා කනිෂ්ඨ විද්‍යාලයේ ළමා සහ වැඩිහිටි දින සැමරුම පසුගිය 03 වනදා එම විද්‍යාලයේදී පැවැත්විණි. විදුහල්පතිනී ඊ. එම්.ඒ.එන්. බෙත්මගේ මහත්මියගේ මෙහෙයවීමෙන් පැවති වැඩසටහනට ගමේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ද එක්ව සිටීම විශේෂත්වයකි.

සියලු දෙනා වෙනුවෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනය සහ එහි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වසන්තා පතිරණ මහත්මියගේ මග පෙන්වීම යටතේ උපදේශන පාඨමාලා හදාරන සිසු සිසුවියන් විවිධ වැඩසටහන් සංවිධානය කර තිබූ අතර, ආකල්ප සහ ⁣පෞර්ෂ වර්ධන වැඩසටහන් රැසක් ඊට ඇතුළත් විය.

දරුවන් වෙනුවෙන් විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලය නැටුම් ගැයුම් ඉදිරිපත් කළ අතර, ත්‍යාග මෙන්ම පාසල⁣ට අවශ්‍ය ද්‍රව්‍ය ප්‍රදානය කිරීමටද පදනම් ආයතනය සහ උපදේශනය හදාරන එහි සිසුන් මෙහිදී කටයුතු කර තිබිණ.

Werzuo Digital

Leave a Reply