කිලෝග්‍රෑම් 850 වැඩි අයිස් මත්ද්‍රව්‍ය අරාබි මුහුදේ දී අත් අඩංගුවට

පවුම් මිලියන 15කට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් බ්‍රිතාන්‍ය රාජකීය හමුදාව විසින් අරාබි මුහුදේ දී සිය භාරයට ගෙන තිබෙන බව බීබීසී ලෝක සේවය වාර්තා කළේය.

එහිදි අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 870 ක ප්‍රමාණයක් බ්‍රිතාන්‍ය රාජකිය හමුදාව සිය භාරයට ගෙන තිබේ

බ්‍රිතාන්‍ය නාවික හමුදාව සහ මැරීන් භටයින් විසින් පැය හයක මෙහෙයුමකින් පසු සිය භාරයට ගත් යාත්‍රාවේ තිබී ක්‍රිස්ටල් මෙතපටමයින් (Crystal Methamphetamine) හෙවත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 870 ක් සොයාගෙන ඇති බව එම මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

රටවල් 38 ක හමුදා ඒකාබද්ධව අරාබි සහ රතු මුහුද මෙන්ම ඉන්දියන් සාගරයේ ප්‍රදේශ හරහා සමුද්‍ර ආරක්ෂක මෙහෙයුම් සිදු කෙරෙන අතර, 2019 වසරේ සිට මේ දක්වා කාලය තුළ මැදපෙරදිග කලාපයේ සිදුකළ මෙහෙයුම්වලින් පවුම් මිලියන 47ක මත්ද්‍රව්‍ය සොයාගෙන තිබේ

Werzuo Digital

Leave a Reply