බේරුවල මොරගල්ල සංචාරක පොලීසිය ඉදිරිපිට දී අද (09) අළුයම යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් පොලිස් නිලධාරියකු මියගොස් තවත් පොලිස් නිලධාරීයෙකු ඇතුළු තිදෙනෙකු තුවාල ලබා නාගොඩ මහ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.
අනතුරින් මියගොස් ඇත්තේ බේරුවල පොලීසියේ උප පොලිස් පරික්ෂකවරයෙකු බවද පොලිසිය පවසයි
ඔහු කොස්තාපල්වරයකු සමඟ යතුරුපැදියකින් පැමිණෙමින් සිටියදී ප්රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි දෙදෙනකු ගමන් ගත් යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය පවසයි. එහිදි බරපතළ තුවාල ලද සිව්දෙනාම කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ස්ථානාධිපතිවරයා මියගොස් ඇත.
අනතුර සම්බන්ධයෙන් බේරුවල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.