ගාල්ලේ දී යතුරු පැදියක් විදුලි කණුවක ගැටී තරුණයෙකු මරුට

කරාපිටිය – ගිංතොට මාර්ගයේ කහදුව වත්ත හන්දිය අසලදි තිදෙනෙකු ගමන් ගත යතුරු පැදියක් විදුලි කණුවක හැපි යතුරු පැදිකරු මියගොස් තවත් අයෙකු තුවාල ලබා අද (27) අලුයම කරාපිටිය රෝහලට ඇතුලත් කල බව ගාල්ල පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ 28හැවිරිදි තරුණයෙකි.

මියගිය තරුණයා නවසිලන්තයේ රැකියාවක් කරන අතර ඉකුත් දින ලංකාවට පැමිණ ඇති බවත් ඊයේ රාත්‍රි ඔහු මිතුරන් සමග ගමන් කරමින් සිටියදි විදුලි කණුවක හැපි ඇති බවත් අනතුරෙන් විදුලි කණුවටද හානි සිදුව ඇති බවත් පොලිසිය පවසයි.

මියගිය අයගේ පශ්චාත් මරණ පරික්ෂණය අද කරාපිටිය රෝහලේදි පැවැත්විමට නියමිතය

Werzuo Digital

Leave a Reply