ගාලු ධිවර වරායෙන් මුහුදු ගිය ධිවරයා මුහුදට වැටි අතුරුදහන්

ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය ධිවරයෙකු මුහුදට වැටි අතුරුදහන්ව ඇතැයි වරාය පොලිසිය පවසයි.

මෙසේ අතුරුදහන්ව ඇත්තේ ඉමදුව කනංකේ පදිංචි 42 හැවිරිදි ධිවරයෙකි.

ඔහු ඉකුත් 23වන දින රාත්‍රි තවත් පස් දෙනෙක් සමග ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගොස් ඇති අතර පසුදින රාත්‍රි බෝට්ටුවේ පිටුපස කොටසේ නිදාගෙන සිටියදි වරායේ සිට මුහුදු සැතපුම් 32ක් දුරදි මුහුදට වැටි අතුරුදහන්ව ඇත.

ධිවරයා සොයා ගැනිමට නෙහැකිවිම නිසා යාත්‍රාවේ සිටි අනෙක් ධිවරයින් ඒ බව වරායට සහ ඥාතින්ට දන්වා යාත්‍රාව ඊයේ රාත්‍රි ගොඩබිමට පැමිණ සිද්ධිය වරාය පොලිසියට පැමිණිලි කර ඇත

Werzuo Digital

Leave a Reply