දොඩංගොඩ පාසලකට පැමිණි පිස්සු බල්ලෙක් සිසුන් 7 දෙනෙකු සහ පුද්ගලයෙකු සපා කාලා

දොඩංගොඩ මිරිස්වත්ත ජාතික පාසලේ දින හතක් පමණ රැඳී සිටි ජලභීතිකා ආසාදිත සුනඛයකු ළමුන් සිවුදෙනකු සහ තවත් පුද්ගලයකු සපාකා ඇති බැවින් එම සුනඛයන්  ඝාතනය කිරීමේ සහ එන්නත් කිරීමේ වැඩසටහනක් ඊයේ (19) ආරම්භ කළ බව ‍දොඩංගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

දොඩංගොඩ අඹගහකුඹුර ප්‍රදේශයේ සිසුවකු සමඟින් පාසලට පැමිණ ඇති මෙම සුනඛයා දින 7ක් පමණ පාසල තුළ රැඳී සිට ඇති බවත්, එහිදී ළමුන් පිරිසක් සුනඛයාගේ සපාකෑම් සහ සීරීම්වලට ලක්ව ඇති බවත් සඳහන් වේ.

ඒ අනුව පාසලේ සේවකයකු එම සුනඛයා අදාළ නිවෙසට රැගෙන ගොස් භාරදී ඇති අතර, ඊට දින දෙකකට පසු සුනඛයා මියගොස් තිබේ.

සුනඛ හිස කොළඹ සෞඛ්‍ය වෛද්‍ය පර්යේෂණ ආයතනයට යවා පරීක්ෂා කිරීමේදී එම සුනඛයාට ජලභීතිකා රෝගය ආසාදිත වී ඇති බවට තහවුරු වී ඇත. ඒ බව ‍දොඩංගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය විසින් අදාළ විදුහල වෙත දැනුම් දී ඇති අතර සුනඛයාගේ  සපා කෑමට හෝ සීරීමට ලක්වූ අයවලුන් වේ නම් ඉතා ඉක්මනින් ළඟම ඇති ප්‍රධාන රජයේ රෝහලට ගොස් එන්නත්කරණය කර ගන්නා ලෙසද ලිඛිතව දැනුම්දී තිබේ.

Werzuo Digital

Leave a Reply