ශ්‍රී ලාංකික කාන්තාවන්ට විවාහ පොරොන්දු දී මුදල් වංචා කල නයිජීරියානුවෙක් අත්අඩංගුවට

ව්‍යාජ අනන්‍යතා සහිත විවාහ පොරොන්දු දී ශ්‍රී ලාංකික කාන්තාවන්ට මූල්‍ය වංචා කිරීමේ චෝදනාව මත නයිජීරියානු ජාතිකයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම නයිජීරියානු ජාතික‍යා 2017 වසරේ ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයෙකි.

සැකකරු සමාජ මාධ්‍ය ජාල හරහා තමා යුරෝපයේ වෙසෙන වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් වැනි වෘත්තිකයෙක් ලෙස පෙනී සිටිමින් ෆේස්බුක් හරහා ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට විවාහ පොරොන්දු ලබා දී ඇති බව විමර්ශනවල දී අනාවරණය වී තිබේ

මේ අතර අදාල සැකකරුවා විසින් තමා රවටා ගත් කාන්තාවන්ට තෑගිභෝග එවනවා යැයි පවසා, ඒවා රේගුවෙන් මුදා ගැනීමට අවශ්‍ය මුදල් ද ඔහු එම කාන්තාවන්ගෙන් ලබා ගෙන තිබෙන අතර ඒ අනුව කාන්තාවන් විසින් ඔහු වෙත තැන්පත් කරන ලද මුදල් මහරගම පිහිටි ATM යන්ත්‍රයකින් ලබා ගැනීමට පැමිණි අවස්ථාවේ දී යි සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

Werzuo Digital

Leave a Reply