පේරාදෙණිය සරසවියේ සිසුවෙකු අතුරුදහන්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හතරවන වසරේ අධ්‍යාපනය හදාරමින් විශ්වවිද්‍යාලය ආසන්නයේ පෞද්ගලික නේවාසිකාගාරයක පදිංචිව සිටි ශිෂ්‍යයකු ඉකුත් 16 වැනිදා සිට අතුරුදන්ව ඇතැයි මව්පියන් පේරාදෙණිය පොලීසියට පැමිණිලි කර ඇත.

අදාල ශිෂ්‍යයාගේ ජංගම දුරකථනයෙන් ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් ඒ පිළිබඳව එම ශිෂ්‍යා  නවාතැන්ගෙන සිටි නවාතැනේ හිමිකරුවන්ගෙන් කළ විමසීම්වලින් අනතුරුව  පොලිසියට පැමිණිලි කර තිබේ.

යක්කල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම සිසුවා පිළිබඳව 16 වැනි දා සිට කිසිදු තොරතුරක් නොමැති බව ඔහු සමග සිටි සමකාලීන සිසුන් ද පවසා තිබේ.

Werzuo Digital

Leave a Reply