දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය කළ වෑන් රථයක් දුම්රියක ගැටී පුද්ගලයෙකු මරුට

ආලෝක සංඥා අක්‍රියව ඇති අම්බලන්ගොඩ, වේනමුල්ල දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය කළ වෑන් රථයක් කොළඹ බලා ගමන්ගත් මන්දගාමී දුම්රියක ගැටී සිදුවු අනතුරින් වෑන් රථයේ ගමන්කළ රියදුරු මියගොස් ඇති බව පොලිසිය පවසයි.

අද (13) උදෑසන සිදුවු මෙම අනතුරින් මියගොස් අත්තේ, 67 හැවිරිදි වේනමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ප්‍රදේශවාසීන් පවන්නේ එම දුම්රිය හරස් මාර්ගයේ ආලෝක සංඥා පුවරු සවිකර ඇතත් දිගුකාලයක සිට ඒවා ක්‍රියාවිරහිත වී ඇති බවය

මේ අතර අද (13) පෙරවරුවේ ගාල්ල මකුළුවේදී රජරට රැජිණ දුම්රියේ වෑන් රථයක් ගැටීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. ලොරි රථය දුම්රියේ ගැටී විසිවි ගොස් යතුරුපැදියක ද ගැටී සිදුවු මෙම අනතුරින් යතුරුපැදිකරු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

Werzuo Digital

Leave a Reply