පාන් පිටි හිඟය හේතුවෙන් හෝටල් වැසි ගොස් ඇති බවට ප්‍රකාශයක්

රටපුරා හෝටල් 10,000ක් පමණ පාන් පිටි, බිත්තර හිඟය හේතුවෙන් සම්පූර්ණයෙන්ම වැසී ගොස් ඇතැයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා ප්‍රකාශ කර ඇති.

මෙයට අමතරව රජයේ ආයතන සහ පාසල්වල  ආපනශාලාවලින් හරි අඩක් පමණද පාන් පිටි,බිත්තර, මස් මාළු, හිඟය හේතුවෙන් වැසී ගොස් ඇති බවත් රට පුරා රාජ්‍ය ආයතනවල ආපන ශාලා 3000ක් පමණද පාසල්වල  ආපනශාලා 4600ක් පමණද ක්‍රියාත්මක වු බවද ඔහු සඳහන් කළේය. රට තුල හෝටල් 30,000 පමණ ඇතැයි ද ඔහු සදහන් කර ඇත.

ගෘහාශ්‍රිතව පාන් පිටි හා බිත්තර ආශ්‍රිතව කේක්, පුඩින්, වටලප්පන් වැනි ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කළ 60,000ක පමණ වැඩි පිරිසක්ද අමුදව්‍ය  හිඟය හේතුවෙන්ම නිෂ්පාදන නැවතී මහමගට වැටී ඇතැයි ආපනශාලා හිමියන්ගේ සංගමය ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම උත්සව සඳහා (විවාහ මංගල්‍යය දාන  ගෙවල්, මළ ගෙවල් සහ පිරිත් ගෙවල්)  ආහාර පාන සැපයීම් සේවාද ( කේටරින්) පාන් පිටි බිත්තර මස් මාළු හිඟය හේතුවෙන්  සම්පූර්ණයෙන්ම පාහේ නැවතී ඇතැයි පැවසූ අසේල සම්පත් මහතා තුන පහ ඇතුළු ආහාර රස කරන ද්‍රව්‍යවල අධික මිල ගණන්ද මේ තත්වයට තවත් ප්‍රධාන හේතුවක් බව ප්‍රකාශ කර ඇත.

Werzuo Digital

Leave a Reply