අණ නොතකා ධාවනය වූ ත්‍රිරෝද රථයකට පොලිසියෙන් වෙඩි

තිස්සමහාරාම ජූල් පල්ලම පාලම අසල දී පොලිස් අණ නොතකා කතරගම දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයකට පොලිසිය වෙඩි තබා ඇත.

වෙඩි තැබීමෙන් තුවාල ලද පුද්ගලයා මේ වනවිට දෙබරවැව මූලික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටින බවත් මෙම වෙඩි තැබීමෙන් තිස්සමහාරාම බෝගහපැලැස්ස ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණයකු තුවාල ලබා ඇති බව තිස්සමහාරාම පොලීසිය පවසයි.

ත්‍රීරෝද රථය පැදවූ එම පුද්ගලයාට රියදුරු බලපත්‍ර නොමැති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවද පොලිසිය පවසයි.

Werzuo Digital

Leave a Reply