ගැටුමකින් පුද්ගලයෙකු මියගොස් කාන්තාවකට තුවාල

කොළඹ කෙසෙල්වත්තේ දී ඊයේ (7) රාත්‍රියේ පිරිසක් තියුණු ආයුධවලින් පහර දීම නිසා පුද්ගලයකු මියගොස් කාන්තාවක් බරපතළ තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

පෞද්ගලික ආරවුලක් මුල් කරගෙන මෙම ගැටුම හටගෙන ඇති බව ද පොලිසිය පවසයි. සිද්ධියෙන් මියගොස් ඇත්තේ කොළඹ 12 පදිංචි (43) හැවිරිදි පුද්ගලයෙකි.

කාන්තාව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ප්‍රදේශයෙන් පළාගොස් ඇතැයි පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Werzuo Digital

Leave a Reply