පච්ච ගැසීම ගැන අනතුරු ඇඟවීමක්

පච්ච ගැසීම හෙවත් ටැටූ කලාව නිසි පුහුණුවකින් තොර ව සිදු කිරීම අනතුරුදායක බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

මෙරට පච්ච ගැසීම සිදු කරන වැඩි පිරිසකට ඒ සඳහා නිසි පුහුණුවක් නොමැති බව එම සංගමය පෙන්වා දෙයි.ඒ සඳහා භාවිත කරන වර්ණකයන් පිළිබඳ නියාමනයක් හෝ සොයා බැලීමක් සිදු නොකිරීම මෙම තත්ත්වයට හේතු වී ඇති අතර, පච්ච ගැසීම සඳහා භාවිත කරන කටු වර්ග නැවත නැවත භාවිත කිරීම හේතුවෙන් අහිතකර තත්ත්වයන් ඇතිවිය හැකි බව එම සංගමයේ සභාපතිවරයා ප්‍රකාශ කර ඇත.

Werzuo Digital

Leave a Reply