පාසලේ ළමුන්ට දිවා ආහාරය දීම සඳහා රැගෙන විත් තිබූ ආහාර සහ පරිගණකයක් හොරු ගෙනයයි

පානදුර දියමන්ති ජුබිලි විදුහලේ ප්‍රධාන ගොඩනැඟිල්ලේ කාමරයක ‍දොර කඩා එහි තිබූ එකම පරිගණකය සහ දරුවන්ට දිවා ආහාරය දීම සඳහා රැගෙන විත් තිබූ හාල්, පොල් සහ පොල්තෙල් තොගයක් සොරකම් කරගෙන ගොස් ඇති බව පැමිණිල්ලක් ලැබි ඇතැයි පානදුර උතුර පොලිසිය පවසයි.

මේ දිනවල පවතින ආහාර ගැටලුව හේතුවෙන් ප්‍රදේශයේ ස්වේච්ඡා සංවිධානයක් මාස තුනකට ආසන්න කාලයක් සිසු දරු දැරියන්ට දිවා ආහාරය දීම කරන බවත් ඒ සඳහා ගෙනැවිත් තිබූ හාල්, පොල් සහ පොල්තෙල් තොගයක් සහ විදුහල සතු එකම පරිගණකය සහ උපාංග මෙලෙස සොරකම් කර ඇති බවද පොලිසිය පවසයි. පෙරේදා (06) විදුහල්පතිනියගෙන් ලද පැමිණිල්ලක් මත මෙලෙස පරීක්ෂණ ආරම්භ කර තිබේ

 සිද්ධිය සම්බන්ධයෙන් පානදුර උතුර පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි.

Werzuo Digital

Leave a Reply