පිස්තෝලයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

හික්කඩුව පොලිස් වසමේ වරාවිලවත්ත ප්‍රදේශයේ නිවසක් වටලා මිලි මිටර් 9 වර්ගයේ පිස්තෝලයක්, අයිස් මත් ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 2200ක් සහ රුපියල් ලක්ෂ හතක් සමග සැකකරුවෙක් බටපොල පොලිසියේ නිලධාරි කණ්ඩායමක් විසින් ඊයේ (07) රාත්‍රියේ අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ හික්කඩුව වරාවිලවත්ත පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු අත් අඩංගුවට ගන්නා අවස්ථවේ ඔහුගේ නිවසේ සිටි ඉරණවිල ධිවර ගම්මානයේ පදිංචිකරුවෙකු ද සැකපිට අත් අංගුවට ගෙන ඇත. සැකකරුවන් අද (08) බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

Werzuo Digital

Leave a Reply