ජිප් රථයක් ගසක ගැටී පුද්ගලයෙක් මියගොස් 7කට තුවාල

අඹන්පොල කලුවිලපොතාන ප්‍රදේශයේ අද (06) උදෑසන සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් 7 දෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසයි.

බියගම සියඹලාපේ ප්‍රදේශයේ සිට අනුරාධපුරය බලා යමින් සිටි පිරිසක් මෙලෙස අනතුරට ලක්වී ඇති අතර අනතුර සිදුවන විට රථයේ පිරිමි පුද්ගලයන් තුන් දෙනෙක් කාන්තාවන් 6 දෙනෙක් සහ කුඩා දරුවන් දෙදෙනෙකු ද ගමන් කර තිබෙන බව පොලිසිය පවසයි.

රථයේ රියදුරාට නින්ද යාම හේතුවෙන් වාහනය පාලනයෙන් ගිලිහී ගොස් ගසක ගැටී ඇති බවටයි අනාවරණ වී ඇති බවත් තුවාලකරුවන් ගල්ගමුව රෝහලට ඇතුලත් කර ඇති අතර සිද්ධිය පිළිබඳ අඹන්පොල පොලිසිය පරීක්ෂණ සිදුකර ගෙන යනු ලබයි.

Werzuo Digital

Leave a Reply