යක්කලමුල්ල කරාගොඩ මිනුවන්දොල ඇලේ තිබි නාදුනන කාන්තා මළ සිරුරක් ඊයේ (04) සවස හමුවි ඇතැයි යක්කලමුල්ල පොලිසිය පවසයි.
අවුරුදු 35- 37 අතර පමණ වයසැති මෙම කාන්තාව කලු සායක් සහ රෝස පැහැති හැට්ටයක් ඇඳ සිටි අයෙකු බවත් .මළ සිරුර තරමක් නරක් වි ඇති බවත් සිරුරේ කොටස් සතුන් විසින් කා දමා ඇති බවත් පොලිසිය පවසයි.
පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්විම සඳහා මළ සිරුර කරාපිටිය රෝහල වෙත ගෙන ගොස් ඇති අතර යක්කලමුල්ල පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ
