ගාල්ල දිස්ත්‍රික්කයේ කොවිඩ් රෝගීන්ගේ වැඩිවිමක්

ගාල්ල දිස්ත්‍රික්කය තුල පසුගිය ජුලි මාසය තුල කොවිඩ් ආසාදිත රෝගින් 60 දෙනෙකු වාර්තා වි ඇති අතර කොවිඩි ආසාදිත රෝගින් වැඩිවිමේ තත්වයක් දක්නට ඇති බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලය පවසයි

පසුගිය ජුනි මාසය තුල ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොවිඩි ආසාදිත රෝගින් 18 දෙනෙකු වාර්තා වු බවත් ජුලි මාසය වනවිට එම රෝගින්ගේ සංඛ්‍යාව 60 දක්වා වැඩිවි ඇති බවද ගාල්ල ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ එරංග හෙට්ටිආරච්චි මහතා පවසයි.

විදේශගත වන පුද්ගලයින් හා රෝහල්ගත වන අසාධ්‍ය තත්වයෙන් පසුවන රෝගින් පමණක් දැනට රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණවලට ලක්කරණ බවද ඒ මහතා පවසයි.

කොවිඩි සිව්වැනි මාත්‍රාව එන්නත් කිරිම මේ වනවිට ආරම්භකොට ඇතත් සිව් වැනි මාත්‍රාව ලබාගෙන ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයේ 8000ක් පමණ පිරිසක් බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි. තුන්වැනි මාත්‍රාව ලබාගෙන මාස තුනක් ගතවිමෙන් පසු සිව්වැනි මාත්‍රාව ලබාගතහැකි බවද හෙතෙම පවසයි.

සිව් වැනි මාත්‍රාව වැඩිවශයෙන් ලබාගෙන ඇත්තේ සෞඛ්‍ය කාර්යමණ්ඩල සමාජිකයින් වෛද්‍යවරු හා විදේශතවන පුද්ගලයින් බවත් මෙම එන්නත ඔක්තෝබර් මස 31 වැනි දිනෙන් පසු කල් ඉකුත්වන නිසා ඊට පෙර සිව්වැනි මාත්‍රාව ලබාගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා වැඩිදුරටත් සදහන් කළේය.

Werzuo Digital

Leave a Reply