අම්පාර දී අකුණක් වැදි ගවයන් 31 මරුට

අම්පාර, උහන දිවුලාන වැව අසබඩ බැඳ සිටි එළගව රංචුවකට පොකුරු අකුණක් වැදීමෙන් එළගවයන් 31ක් මියගොස් ඇතැයි බක්කිඇල්ල පොලිසිය පවසයි.

තද වැස්ස සහිත අයහපත් කාලගුණයක් පැවති අවස්ථාවේ මෙම සතුන් වැව අසල ඇති කුඩා ගස් සහිත ගල් තලාවක් අසලට ගොස් නතරවි සිටියදී එක් වරම පොකුරු අකුණක් පුපුරා ගොස් සතුන් සියළු දෙනා සීසීකට ඇද වැටී තිබේ.

මිය ගිය ගව රංචුවේ ගැබ්බර එළදෙනුන් සහ කිරි එළ‍දෙනුන් මෙන්ම කුඩා ප්‍රමාණයේ වසු පැටවුන්ද සිටින අතර කැළැව අසල අනික් පස ධීවර වාඩියක්ද ඇති නමුත් එහි සිටි කිසිවකුට‍ හො ආපදාවක් සිදු වී නැත.

Werzuo Digital

Leave a Reply