ජපානයේදී ශ්‍රී ලාංකිකයකු පහරදී ඝාතනය කරලා

ජපානයේ කර්මාන්ත ශාලාවක කාර්මික ශිල්පියකු ලෙස සේවය කළ ශ්‍රී ලාංකිකයකු පසුගිය (5) දා රාත්‍රියේ පහරදී ඝාතනය කර ඇති බව ඔහුගේ පවුලේ ඥාතීහු සඳහන් කරති.

මෙලෙස ඝාතනය කර ඇත්තේ පාතහේවාහැට දමුණුගොල්ල ගම්මානයේ පදිංචිව සිටි 45 වියැති දෙදරු පියෙකි. මීට වසර තුනකට පමණ පෙර මහනුවර අකුරණ ප්‍රදේශයේ සමාගමක් මාර්ගයෙන් ජපානයේ පිහිටි ආයතනයක කාර්මික ශිල්පියකු ලෙස සේවයට එක්ව තිබේ.

වසර තුනක සිය සේවය නිමවා ඉදිරි දින කිහිපය තුළ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටි මෙම පුද්ගලයා හා කර්මාන්ත ශාලාවේ සේවය කළ තවත් ශ්‍රී ලාංකික පිරිසක් සමඟ පසුගිය 5දා රාත්‍රියේ ඇති වූ ගැටුමක් අතරතුර කිහිප දෙනකු එක්වී මොහුට පහරදී බෙල්ල ප්‍රදේශයට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර ඇති බව තමන්ට එම සමාගමේ ශ්‍රී ලංකාවේ නියෝජිතයන් සඳහන් කළ බව මියගිය පුද්ගලයාගේ ඥාතීහු සඳහන් කරති.

මෘත දේහය මෙරටට රැගෙන ඒමට නියමිතව ඇත.

Werzuo Digital

Leave a Reply