ගෑස් වෙනුවට දර භාවිත කිරීමෙන් ආයු කාලය වැඩි වන බව සරත් වීරසේකර කියයි. නවීන පිරිසුදු බලශක්ති භාවිත කරන දියුණු රටවල මිනිසුන්ගේ ආයු කාලයට වඩා දර භාවිත කරන මෙරට කාන්තාවන්ගේ ආයු කාලය වැඩි බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රි සරත් වීරසේකර මහතා පවසයි.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමික් ඔහු එසේ ප්රකාශ කර ඇත
නවීන, පිරිසුදු බලශක්ති පරිහරණය කරන රටවල මිනිස්සුන්ගේ ආයු කාලය වසර 80ක් පමණ වන බවත් දර භාවිත කරන මෙරට කාන්තාවගේ ආයු කාලය වසර 80.1ක් බවත් මන්ත්රිවරයා පෙන්වා දුන්නේය. දර භාවිතය රටේ සංවර්ධනයට මිස පරිහානියට හේතු වී නැති බව ඔහු සඳහන් කළේය.
එයින් පෙන්වන්නේ දර පාවිච්චිය රටේ සංවර්ධනයට මිස පරිහානියට හේතු වී නැති බවයි. එබැවින් දර සැපයුම සහ භාවිතය පිළිබඳව මීට වඩා අවධානය යොමු කළ යුතු බව ඔහු පෙන්වා දුන්නේය.
රටේ ස්වෛරීභාවයට මෙන්ම බලශක්ති ආහාර සුරක්ෂිතතාවට දර භාවිතය ප්රධාන සාධකයක් බවද මන්ත්රිවරයා වැඩිදුරටත් පැවැසීය.