මේ දිනවල කුඩා දරුවන් අතර පැතිරී යන අත්, පා, මුඛ සම්බන්ධ වෛරස් රෝගයක් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස බස්නාහිර පළාත් පෙර පාසල් ඒකකය පෙර පාසල් ගුරුවරුන් දැනුවත් කර තිබේ.
Hand-foot-and-mouth disease නැමති වෛරස් රෝග ලක්ෂණ සහිත දරුවෙකු පෙර පාසල තුළ සිටින්නේ නම් නොපමාව ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කර පියවර ගන්නා ලෙස බස්නාහිර පළාත් පෙර පාසල් ඒකකයේ අධ්‍යක්ෂවරයා පෙර පාසල් ගුරුවරුන්ගෙන් ඉල්ලා තිබේ.
මෙම රෝගය සෑම කාලයකම පාහේ දැක ගත හැකි රෝගී තත්ත්වයක් වන අතර මාස 06ට වැඩි සහ වයස අවුරුදු 05ත් 06ත් අතර දරුවන් අතර දැක ගත හැකි බවත් අත්වල, කට වටේ, කට ඇතුලේ, කකුල්වල මෙන්ම තට්ටම්වල රතු ලප දැක ගත හැකි බවත් දින දෙකකින් පමණ උණ තත්ත්වය පහව ගියද දින 07ක් 10 වගේ කාලයක් රතු ලප තත්ත්වය දැක ගත හැකි බව සෞඛ්‍ය අංශ පවසයි.
වයස අවුරුදු 10 දක්වා දරුවන්ට මෙම රෝගය ඇති විය හැකි බවත් මෙහිදී ඇගපත තෙහෙට්ටුව, කෑම අරුචිය, දැවිල්ල වැනි තත්ත්වයන් දැක ගත හැකි අතර කෑම අරුචිය නිසා විජලනය තත්ත්වයට දරුවන් පත් විය හැකියි. විශේෂයෙන් දරුවෙකුගෙන් දරුවෙකුට මෙම රෝගය ඉතා ඉක්මණින් බෝ වීමේ හැකියාව පවතින නිසා මෙම රෝගය සහිත දරුවෙක් අනෙකුත් දරුවන්ගෙන් වෙන්කර තබා ගත යුතුය. දියරමය ආහාර ලබා දීම මෙන්ම පැරසිටමෝල් නිසි මාත්‍රාවට පමණයි ලබා දිය යුතුය. මෙම රෝග තත්ත්වය සුව වීමෙන් පසු නියපොතු හැලීමේ තත්ත්වයක් ඇති වෙන්නත් හැකි බවත් නමුත් මේ ගැන බිය විය යුතු නොමැති බවත් ප්‍රතිකාර සඳහා යොමු වන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලා සිටි.
තවද දරුවන් හොඳින් පිරිසිදුව තබා ගත යුතු බව ද සෞඛ්‍ය අංශ පවසයි.