අහංගම වෙඩි තැබීමකින් තරුණයෙකු මරුට

අහංගම ප්‍රදේශයේ වෙඩි තැබීමකින් තරුණයෙකු මිය ගොස් ඇති බව පොලීසිය පවසයි.

අද රාත්‍රි (04) 7.30 පමණ අහංගම – ඉමදූව මාර්ගයේ පාංචාලිය ප්‍රදේශයේ දී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබිම සිදුකර ඇති බවත් එහිදි මෝටර් රථයක ගමන් කරමින් සිටි 27 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති බවත් පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් අහංගම පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි

පසුගිය පැය 48 තුළ වාර්තා වූ 3 වන වෙඩි තැබීමේ සිද්ධිය මෙය වන අතර මිට පෙර ඊයේ (03)  පානදුර – නිර්මල මාවත ප්‍රදේශයේ දී සහ අලුත්ගම – මොරගල්ල ප්‍රදේශයෙන් වාර්තා වූ වෙඩි තැබීම් දෙකකින් පුද්ගලයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වුණා.

Werzuo Digital

Leave a Reply