මැයි 09 සිදුවීමට ප්‍රචණ්ඩත්වය වැපිරූ Facebok ගිණුම් බහුතරයක් බොරු

මැයි 09 දා සිදු වූ ගැටුම් වලට සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ ප්‍රචණ්ඩත්වය වැපිරූ බවට හඳුන්වා ගෙන ඇති ෆේස්බුක් ගිණුම් 175ක් ව්‍යාජ ගිණුම් බවට (Fake Profile) දැනට කරන ලද විමර්ශන වලදී අනාවරණය වී ඇත.

මෙම සිදුවීම් වලට අදාළව ෆේස්බුක් ගිණුම් 225ක් පිළිබඳව පොලිස්පතිවරයාට ලද මහජන පැමිණිලි ඔස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය විමර්ශන ආරම්භ කර තිබිණි.

එම ගිණුම් අතරින් ගිණුම් 50ක් පමණක් හිමිකරුවන්ට අයිති ඒවා බවත් හෙළි වි ඇත. ඒ අනුව එම ගිණුම් හිමියන් කැඳවා ප්‍රකාශ ලබා ගැනීමට පියවර ගෙන තිබේ

Werzuo Digital

Leave a Reply