බිබිල මොණරාගල හන්දියේ සිට බදුල්ල දෙසට ගමන් කරමින් තිබු යතුරු පැදියක් පාරෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටි සිදු වූ අනතුරෙන් යතුරු පැදියේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව පොලිසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 18 හැවිරිදි තරුණයෙකු හා 32 හැවිරිදි දෙදරු පියෙක් වන පුද්ගලයකු බවත් වේගය පාලනය කරගත නොහැකිව අනතුර සිදු වි ඇති බව පරික්ෂණ වලදී අනාවරණය වි ඇති බවද පොලිසිය පවසයි.