ප්‍රංශයෙන් කෝටි 11ක අත්‍යාවශ්‍ය ඖෂධ මෙරටට

ප්‍රංශය යුරෝ ලක්ෂ තුනක් වටිනා නිර්වින්දන සහ ස්වසන අබාධ සඳහා භාවිතා කරන ඖෂධ තොගයක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කළේය.

ඖෂධ තොගය ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලැවර්ටු මහතා නිල වශයෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙත භාර දුන්නේය.

“මෙම කාලෝචිත ප්‍රදානයට ස්තූතිවන්ත වන බව” අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පැවසුවේය.මෙම ඖෂධ තොගයේ වටිනාකම ශ්‍රී ලංකා රුපියල් කෝටි 11 කට වඩා වැඩිය. 

Werzuo Digital

Leave a Reply