දකුණේ පිහිටුවිමට කටයුතු කරන බව පැවසු ළමා අධිකරණය තවමත් නැහැ

ළමයින් සම්බන්ධයෙන් පවතින නඩු විභාග කිරිම සඳහා දකුණු පළාතේ ළමා අධිකරණයක් පිහිටුවිමට කටයුතු කරන බව මෙයට පෙර අවස්ථා කිහිපයකදිම ප්‍රකාශ කර තිබුනත් මෙතෙක් එය ඉටුවි නැති බවත් ළමා අධිකරණයක් නොමැතිවිම බලවත් අඩුවක් බවත් පරිවාස නිලධාරිහු සහ පොලිස් නිලධාරිහු පවසති.

මේ නිසා බාල වයසේදි බරපතළ ලිංගික අපරාධයන්ට ලක් වන දැරියන් ඒ සම්බන්ධයෙන් මහාධිකරණයේ විභාගවන නඩුවට පැමිණෙන විට ඔවුන් විවාහවි දරුවන් සමගද එන අවස්ථා ඇති බවත් මෙය ළමයින්ට සිදුවන බලවත් අසාධාරණයක් බවත් ඔවුහු පෙන්වා දෙති.

මේ අතර දකුණු පළාතේ නව අධිකරණ පිහිටුවිම සඳහා සිමා නිර්ණය කිරිමේ කමිටුවේ සභාපති හිටපු දකුණු පළාත්බද ගාල්ල මහාධිකරණ විනිසුරු චන්ද්‍රෙස්න රාජපක්ෂ මහතා යෝජනා කර තිබුනේ ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය මසකට එක් දිනක් ළමා අධිකරණයක් බවට පත්කොට ළමයින් සම්බන්ධ නඩු ඉක්මනින් විසඳා අවසන් කල යුතු බවය. එහෙත් එයද මෙතෙක් ක්‍රියාත්මක වුයේ නැති බවද ඔවුහු පවසයි.

ළමයින් සම්බන්ධ නඩුවලදි ප්‍රමුඛතාවයක් නොදි දීර්ග කාලයක් ගතවනවිට ඔවුන් යෞවනත්වයට පත්වු පසු අධිකරණයට යාම ඔවුන්ගේ අනාගතයට බලපාන හෙයින් මෙයට මැදිහත් වෙන ලෙස ළමයින් පිළිබඳ වගකිවයුතු ආයතනවලට මේ මැදිහත්වන ලෙස ඔවුහු ඉල්ලා සිටි

Werzuo Digital

Leave a Reply