ගාල්ල කළුවැල්ල ස්වර්ණාභරණ වෙළඳ සලකට රන් ආභරණ ගැනිමේ මුවාවෙන් පැමිණි විදේශිකයින් දෙදෙනකු රුපියල් 70 ලක්ෂයකට අධික රන් ආභරණ තොගයක් සොරකම් කරගෙන ගොස් ඇති බවට වෙළඳසල් හිමියෙකු පෙරේදා (24) පැමිණිලි කර ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
රන් ආභරණ ගැනිමට බව පවසා විදේශිකයින් දෙදෙනා වෙළඳ සලට පැමිණ පරික්ෂා කර බලමින් සිට රන් භාණ්ඩ සඟවා බෑගයක දමාගෙන පසුව එන බව පවසා පිටවගොස් ඇති අතර වෙළඳ සල් හිමියා CCTV කැමරා පරික්ෂා කරන විට විදේශිකයින් දෙදෙනා රන් භාණ්ඩ සඟවා ගන්නා අයුරු දැක ඇත.
සැකකාර විදේශිකයින් දෙදෙනා හඳුනා ගැනිම සඳහා ඔවුන්ගේ ඡායාරුප මාධ්‍යට මුදා හැර ඇති අතර ගාල්ල පොලිසියේ අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඩි.ජී.ආනන්ද මහතා ඇතුලු නිලධාරි කණ්ඩායමක් විසින් පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.