වඳුරු උණ ගැන ශ්‍රි ලංකාවේ පරික්ෂණ

රටවල් කිහිපයක පැතිර යන Monkeypox හෙවත් වඳුරු උණ වසංගතය පිළිබඳ පරීක්ෂා කිරීමට සහ රෝග විනිශ්චයන් සිදුකර ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පහසුකම් පවතින බව එහි ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ එම පරීක්ෂණ සිදුකර ගැනීමේ හැකියාව පවතින අතර, අවශ්‍ය රසායනිකයන් ද ලබන සතියේ ලැබෙනු ඇති බවයි ට්විටර් සටහනක් තබමින් ඔහු සඳහන් කළේ.

බටහිර සහ මධ්‍යම අප්‍රිකාවේ ප්‍රචලිත මන්කි ෆොක්ස් හෙවත් වඳුරු උණ වසංගතය යුරෝපයේ ව්‍යාප්තවීමත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානය ලන්ඩනයේදී හදිසි රැස්වීමක් ද කැඳවා තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය.

ජර්මනිය, ප්‍රංශය, බෙල්ජියම, ඉතාලිය, නෙදර්ලන්තය, පෘතුගාලය ස්පාඤ්ඤය, ස්වීඩනය සහ එක්සත් රාජධානිය යන යුරෝපා රටවල මෙන්ම ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ ඔස්ට්‍රේලියාවට යන රටවලින් වඳුරු උණ ආසාදිතයන් සොයාගෙන ඇති බව සඳහන්.

Leave a Reply