පොලොන්නරුව – මඩකලපුව ප්රධාන මාර්ගයේ මනම්පිටිය කොටලීය පාලම අසල දී අද (01) අලුයම පෞද්ගලික බස් රථයක් සහ ත්රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ත්රීරෝද රථයේ ගමන් 03 දෙනකු මියගොස් ඇති බව මනම්පිටිය පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ අරලගංවිල අරුණපුර පදිංචි පිරිමි පුද්ගලයකු සහ කාන්තාවන් දෙදෙනෙකි.
ත්රිරෝද රථය තවත් බස් රථයකට ඉස්සර කිරීමට යෑමේදී ඉදිරියෙන් පැමිණි පෞද්ගලික බස්රථයේ මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදු වූ බවට මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බව ද පරීක්ෂණ සිදුකරන මනම්පිටිය පොලිසිය පවසයි.
ත්රී රෝද රථයේ ගමන් ගත් පිරිස අරලගංවිල අරුණපුර සිට මාතලේ ප්රදේශයට යමින් සිටියදි මෙම අනතුර සිදුව ඇත. අනතුරට පත් පෞද්ගලික බස්රථය පොලොන්නරුව දෙස සිට මඩකලපුව ශීක්ෂණ රෝහලට කාර්ය මණ්ඩලයේ පිරිසක් රැගෙන යමින් තිබූ බස් රථයක් බව ද පොලිසිය පවසයි.
අනතුරුට සම්බන්ධ බස් බස්රථයේ රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ