සිමෙන්ති ආනයනකරුවන් සිමෙන්ති මිල ඉහළ දැමීමට විරෝධය දැක්වීමක් ලෙස පෞද්ගලිකව ක්‍රියාත්මක කරන ඉදිකිරීම් මාස තුනකට තාවකාලිකව අත්හිටුව ලෙස ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා ජනතාවගෙන් ඉල්ලා තිබෙන බව වාර්තාවේ.
අප්‍රේල් මස මුල වන රට තුළ ඉදිකිරීම් ව්‍යාපෘති 5000 ක පමණ ක්‍රියාත්මකව තිබුණ ද මේ වන විට එම සියලුම ව්‍යාපෘති අත්හිටුවා ඇති බවත් සිමෙන්ති ආනයනකරුවන් මාස කීපයක් තුළ සිමෙන්ති මිල සියයට 120 කින් ඉහළ දමා ඇති බව ද ඔහු සඳහන් කර ඇත.
සිමෙන්ති මිල ඉහළ යෑමේ ගැටලුවට රජය සාධනීය පිළිතුරක් දෙනු ඇතැයි විශ්වාස කළ ද එවැනි පිළිතුරක් නොලැබුණු බවත් එය ප්‍රයෝජනයට ගනිමින් සිමෙන්ති ආනයනකරුවන් අඛණ්ඩව මිල ඉහළ දමමින් සිටින බවත් ඔහු ප්‍රකාශ කර ඇත
රජය සහ ජනතාව ව්‍යාපෘති අත්හිටුව හොත් ආනයනකරුවන්ට සිමෙන්ති අළෙවිකිරීමට නොහැකිව මිල පහළ දැමීමට සිදුවන බවද ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත.