ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපදයේ කී වෙස්ට් හි පිහිටි නාවික හමුදා කඳවුරේ ගුවන් පථය හදිසියේ වසා දැමීමට සිදුවු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය
ගුවන් පථයේ ගුවන් යානාවලට ගොඩබෑමට නොහැකි අයුරින් කිඹුළකු අව්ව තැපීම නිසා මෙම ගුවන් පථය තාවකාලිකව මෙසේ වසා දමා තිබේ.
වගුරු බිමක් ආසන්නයේ මෙම ගුවන් කඳවුර පිහිටා ඇති අතර එය දැල් වැටකින් ආවරණය කර ඇති නමුත් අඩි 7 ක් දිග කිඹුලා කෙසේ හෝ කඳවුරේ ගුවන් පථයට පැමිණ එහි සැතපී ඇති බව එම වාර්තා සදහන් කලේය.
කිඹුලා යනතුරු බලන් සිටීමට ගුවන් කඳවුරේ බලධාරීන්ට සිදුවු අතර කෙසේ නමුත් එවැන්නක් සිදු නොවුණු බැවින්, වනජීවී ආරක්ෂක නිලධාරීන් ගෙන්වා කිඹුලා එතැනින් ඉවත් කිරීමට සිදුවුණු බව ද විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කලේය.