නයිජීරියාවේ නීතිවිරෝධී තෙල් පිරිපහදුවක පිපිරීමකින් විශාල පිරිසක් මරුට

නයිජීරියාවේ රිවර්ස් සහ ඉමෝ ප්‍රාන්ත මායිමේ පිහිටි නීතිවිරෝධී තෙල් පිරිපහදු ගබඩාවක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 100කට අධික පිරිසක් මිය ගොස් ඉතා විශාල පිරිසක් තුවාල ඇති බව ප්‍රාදේශීය බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මියගිය සංඛ්‍යාව තවත් ඉක්මවිය හැකි බවත් මෙම ගින්න අවට ප්‍රදේශවලට ද පැතිර ගොස් විශාල දේපළ හානියක් ද සිදුවි ඇති බව එම වාර්තා සදහන් කලේය.

තෙල් ලබාගැනිම සදහා පැමිණි පිරිස් බහුතරයක් මෙසේ මියගොස් ඇති බවත් වාහන ඇතුළු දේපළ විශාල ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි තිබේ.. මළ සිරුරු ද හඳුනාගත නොහැකි තරමට විනාශ වි ඇතැයි එම වාර්තා සදහන් කලේය.

තෙල් බහුල රටක් වන් නයිජීරියාවේ මෙලෙස නිතිවිරෝධී ලෙස තෙල් පිරිපහදු වලින් සිදුවන අනතුරු වලින් සැලකිය යුතු පිරිසක් මියයන බව එම වාර්තා සදහන් කලේය

Werzuo Digital

Leave a Reply