ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල අද (17) නැවතත් ඉහළ ගොස් තිබේ.
බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල පසුගිය සතියට වඩා ඩොලර් 10 කින් පමණ ඉහළ ගොස් ඇති අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද පස්වරුව වන විට ඩොලර් 111.70 ක් දක්වා ඉහළ ගොස් තිබුණි.
බොරතෙල් බැරලයක් පසුගිය සතිය වන විට ඩොලර් 100.58 ක පැවති අතර ඉදිරි දින කීපයේදී බොරතෙල් මිල තව දුරටත් ඉහළ යනු ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
යුක්රේනය සහ රුසියාව අතර යුද්ධය හේතුවෙන් යුරෝපා රටවල් වෙනත් රටවල්වලින් බොරතෙල් මිලදීගැනීමට පෙළඹීම මෙම තත්වයට හේතුව බව ආර්ථික විශේෂඥායෝ පවසති.