හල්දුම්මුල්ල සීලතැන්න ගම්මානයේ නිවාස 4 ක අකුණු සැර වැදීමෙන් පස් දෙනකු තුවාල ලබා හල්දුම්මුල්ල දිසා රෝහලට ඇතුළත් කළ බව හල්දුම්මුල්ල පොලිසිය පවසයි.
කාන්තාවන් 04 දෙනකු සහ පිරිමි අයකු කම්පනය හේතුවෙන් රෝහල්ගත කළ බවද පොලිසිය පවසයි
මෙසේ අකුණු සැර වැදීමමෙන් සීලතැන්න ගම්මානයේ නිවාස රැසක තිබූ විදුලි උපකරණ විශාල ප්රමාණයක් ද හානි වී ඇති බව හල්දුම්මුල්ල ආපදාකළමනාකරණ අංශ පවසයි.
අකුණු සැර වැදීමත් සමඟ සීලතැන්න ප්රදේශයේ විදුලිබලයද විසන්ධි වු බව වාර්තාවේ.