දකුණු මුහුදේ දී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය හා සැකකරුවන් ගාලු වරායට

ශ්‍රී ලංකා දකුණු වෙරළට ඔබ්බෙන් මුහුදේදී බෝට්ටුවක තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 300 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 25 ක් සමග සැකකරුවන් 06 දෙනකු අත්අඩංගුවට ගෙන ඔවුන් මේ වන විට ගාල්ල වරයාට ගෙනැවිත් තිබෙන බව නාවික හමුදාව පැවසීය

නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යංශය සහ රාජ්‍ය බුද්ධි තොරතුරු ඒකකය සමග එක්ව කළ මෙහෙයුමකදී මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මත්ද්‍රව්‍ය තොගය සහ අත්අඩංගුවට ගත් පුද්ගලයන් හය දෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිත බවත් නාවික හමුදාව පැවසීය.

Werzuo Digital

Leave a Reply