ඇමෙරිකාවේ වෙඩි තැබිමක් – 13 දෙනෙකුට තුවාල

ඇමෙරිකාවේ නිව්යෝක් නුවර උමං දුම්රිය ස්ථානයක සිදුවුණු වෙඩි තැබීමකින් 13 දෙනෙක් තුවාල ලබා ඇතැයි එරට මාධ්‍ය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඇමෙරිකාවේ වේලාවෙන් උදෑසන 8.30 ට පමණ සිදුවූ මෙම වෙඩි තැබීමේ සිද්ධියත් සමඟ මහත් කලබලයක් ද හටගත් බව එම වාර්තා සඳහන් කළේය.

වෙඩි තැබීමේ සිදුවීමත් සමඟ දුම්රිය ගමන් තාවකාලිකව අඩපණ වූ බවත් එය ත්‍රස්ත ප්‍රහාරයක් විය හැකි යැයි තමන් සැක කරන බවත් නිව්යෝක් පොලිසිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, නිව්යෝක් පුරපති එරික් ඇඩම්ස් දුරකතනයෙන් අමතා සිද්ධිය ගැන විමසා බැලූ බව ද ඇමෙරිකන් මාධ්‍ය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබේ.

Werzuo Digital

Leave a Reply