ගාල්ල කොටුව ප්රදිපාගාරය අසල මුහුදේ දිය නැමට ගිය පාසල් සිසුවෙකු දියේ ගිලිමෙන් අද (12) සවස මියගොස් ඇතැයි කරාපිටිය රෝහල පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ බද්දේගම ඉණිමංකඩ මලිත්තගොඩ පදිංචි 18 හැවිරිදි උසස් පෙළ සිසුවෙකි.
ඔහු අද (12) දහවල් මිතුරන් පිරිසක් සමග මුහුදේ දිය නැමට පැමිණ ඇති අතර එහිදි ඔහු දියේ ගසාගෙන ගොස් ඇත.පසුව එහි සිටි පිරිස ඔහු බේරාගෙන 1990 සුව සැරිය ගිලන් රථයක් මගින් කරාපිටිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් ඇත.