මහජන උද්ඝෝෂණ සහ විරෝධතා පෙළපාලි සඳහා ළමයින් සහභාගි කර ගැනීමෙන් වළකින ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය දෙමාපියන් සහ භාරකරුවන් ඇතුළු සියලු පාර්ශවයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටි.
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති උදය කුමාර අමරසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ මේ දිනවල පැවැත්වෙන විරෝධතා සඳහා විවිධ පාර්ශව විසින් ළමයින් සහභාගි කර ගැනීමේ අවස්ථා පිළිබඳව දැකගත හැකි බවයි.
ඒ සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ අවධානය යොමුවී ඇති අතර, එවැනි අවස්ථා සඳහා ළමයින් සහභාගි කර ගැනීම හේතුවෙන් ඔවුන් අනතුරුවලට හෝ කායික හා මානසික පීඩාවලට ලක්වීමේ අවදානමක් පවතින බව ද පෙන්වා දෙනවා.
