ජනපති ශ්‍රීලනීපයෙන් කල ඉල්ලීම

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරයෙන් සහ නියෝජ්‍ය කාරක සභා සභාපති ධුරයෙන් ඉවත් නොවන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තාවේ..

ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම ඊයේ (05) රාත්‍රියේ කොටුව ජනාධිපති මන්දිරයේ දී හමුවූ අවස්ථාවේ මෙම ඉල්ලීම කර ඇත.

එහෙත් එම තනතුරු දෙකෙන් ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවත් වීමට තීරණය කර ඇතැයි ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන් එහිදී ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට තීරණය කිරීමත් සමග, මෙම තනතුරු දෙකෙන් ද ඉවත්වීමට ශ්‍රීලනිපය ඊයේ (05) තීරණය කළේය.

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක වරයා රන්ජිත් සියඹලාපිටිය මහතා කටයුතු කළ අතර නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා ලෙස අන්ගජන් රාමනාදන් මහතා කටයුතු කළේය.

නමුත් නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය භාර ගැනීමට ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කර ඇති අතර තවදුරටත් පාර්ලිමේන්තුවේ රැඳී සිටින ලෙස ඔහුගෙන් ජනාධිපතිවරයා ඉල්ලීමක් කර තිබෙන බවද වාර්තාවේ..

Werzuo Digital

Leave a Reply